ebay හෝ aliexpress හෝ agoda සෑම මිලදී ගැනීමකදී 1%-10% අතර මුදල් ඉතිරියක් ගන්න ගමන් මසකට ලක්ශයකට වඩා උපයන විදිය ඉගෙන ගනිමු – How to get discounts with popular online stores


You buy online  right ? Specially using websites such as Ebay, Aliexpress . Make bookings online right ? Using sites like  Agoda, Hotels.com, Trip Adviser or even buy hosting from web hosting providers like  hostgatorbluehost, Godaddy, webhostingpad right ? So let's learn how you can save and get 1-10% cash back discounts tutorial in Sinhala 100% Free.
අපි දැන් ebay, aliexpress වගේ online  store  වගේම Agoda, Hotels.com, Tripadvisor  වගේ බූක් කරන සේවා වෙබ් අඩවි හරහා වගේම hostgator,  bluehost, godaddy, webhostingpad වගේ සේවා සපයන වෙබ් අඩවි වලින්  බඩු මුට්ටු හෝ  සේවා ලබාගනිද්දී අපිට 1% - 10% වගේ වෙනකන් ඉතුරු කරගන්න පුළුවන් නියම වාසියක් තියෙන ක්‍රමයක් දැන් තියෙනවා. මේක 1998 වගේ ඉදලා ලබා දෙන දෙයක් ඊත් ඉතින් ඔන්න දැන් තමයි ඔන්න අපිටත් අවස්ථාවක් තියෙන්නේ. කිසිම අමතර මුදලක් යන්නේ නැති සියයට සියයක් නොමිලේ ලැබෙන සේවයක්. හරි අපි බලමු කොහොමද මේක ලබන්නේ කියලා.


කොහොමද අපි මේ ලාභය ගන්නේ ? How can we get a discount from ebay, aliexpress or other online stores ?




1998 වර්ෂයේ ආරම්භ කරන ලද Ebates කියන ඇමරිකානු සමාගම තමයි මේ වාසිය අපිට ලබාදෙන්නේ. එම සමාගමේ මුලිකම අවශ්‍යතාවය තමයි ලෝකේ හැමෝම අන්තරජාලය හරහා බඩු මුට්ටු හෝ සේවා ලබාගැනීමට හුරු කිරීම. මේ සදහා බොහොමයක් ඉස්සෙල්ලා කිව්ව සමාගම් විසින් මෙම Ebates සමාගමට ගෙවීමක් කරනවා. ඉතින් ඔවුන් කරන්නේ මේ ලැබෙන මුදලෙන් ප්‍රතිශතයක් නැවත අපිට ලබාදීම ඔවුන්ගේ වෙබ් අඩවිය හරහා ඉහත ආයතන වෙත ගොස් බඩු මුට්ටු හෝ සේවා ලබාගනිද්දී. මෙසේ මුදල් නැවත ලබාදෙන ක්‍රමය බොහොමයක් බටහිර රටවල ප්‍රචලිත වුනත් ලංකවට නම් ටිකක් අලුත් දෙයක්. මේකට කියන්නේ cash back කියලා. ඒවගේම ඔවුන් $10 මුලින්ම ලබාදෙනවා ඔබ ඉහත සදහන් කල ආකාරයේ වෙබ් අඩවි වලින් $25 දක්වා බඩු මුට්ටු හෝ සේවා මිලදී ගත පසු ( ඔවුන්ගේ වෙබ් අඩවියේ ලියාපදිංචි වූ දින සිට මාස තුනක් ඇතලත ). ඊට පසු ඔබ මිලදී ගන්න සෑම දෙයකටම 1% - 10% වගේ මුදලක් ඔබේ ගිණුමට බැර වෙනවා. මේ සියලුම මුදල් ඔබට චෙක් පතක් ආකාරයට හෝ paypal ගිණුමට ඔවුන් ලබාදෙනවා.

මෙම සමාගම විශ්වාස කරන්න පුලුවන්ද ? Can We trust Ebates ?

මෙය 1998වර්ෂයේ ආරම්භ වූ ඇමරිකාවේ ලියාපදිංචි ලොව පිළිගත් සමාගමක්. මෙහි මවු සමගම වන්නේ Rakuten කියන තවත් ලොව පිළිගත් ආයතනයක්. ඒවගේම ඔවුන් පිළිගත් සමාගමක් නිසා තමයි ප්‍රවර්ධන කටයුතු වෙනුවෙන් එම සමාගමට ebay වගේ දැන්වන්ත ආයතන පවා ගෙවීම් කරන්නේ. ඒක නිසා බය නැතුව පාවිච්චි කරන්න පුළුවන් සල්ලි විශාල ලෙස අපිට ඉතුරු කරගන්න පුළුවන් සුපිරි ආයතනයක් මේක.

කොහොමද වැඩේ පටන් ගන්නේ ? How to start ?

1. නොමිලේ පහත ලින්ක් එකෙන් ගොස් ලියාපදිංචි වන්න



( ඉහත ලින්ක් එකෙන් ලියාපදිංචි වී $25 දක්වා මිලදී ගැනීම් කලපසු ඔබගේ ගිණුමට $10 ලැබේ )
2. ඉන්පසු ebates වෙබ් අඩවියේ ඇති "search" කරන්න තියෙන කොටසේ ඔබ පාවිච්චි කරන්න යන ebay හෝ allexpress නම සදහන් කරන්න. කොලපාට search button එක ක්ලික් කරන්න

3. දැන් ඔබට පහත පරිදි පින්තුරයක් ලැබෙනවා. එම පිටුවේ ඇති "Shop Now" කියන ලින්ක් එක ක්ලික් කරන්න

4. ඔබට ඉන්පසු පහත ආකාරයේ පිටුවක් ලැබෙනවා



( මෙහි සදහන් අගය 1% සිට 10% දින අනුව සහ තිබෙන ප්‍රවර්ධන කටයුතු අනුව වෙනස් වෙනවා )
තප්පර කීයපකින් ඔබව ebay  හෝ ඔබ තෝරාගත් වෙබ් අඩවිය වෙත ඉබේම ඔබව යොමු කරනවා. දැන් වෙනදා වගේම ඔබට තියෙන්න මිලදී ගැනීම්  කරන්න. $25 දක්වා මිලදී ගැනීම සිදුකල පසු ඔබගේ ebates  ගිණුමට $10 ලැබෙනවා. ඉන්පසු ඔබ විසින් මිලදී ගන්න බඩු මුට්ටු හෝ සේවාවලට ඔබට 1% - 10% දක්වා නැවත ඉතිරි මුදලක් ඔබේ Ebates ගිණුමට ලැබෙනවා. පොඩි පොඩි ගණන් වල ඒවා වුනත් මේක හරහම ගන්න. පොඩි පොඩි ඒවයෙන් වුනත් ගානක් ඔයාට ඉතුරු වෙනවනේ !   
ඒවගේම වැඩේ ඉක්මන් කරගන්න පපහත දේවල් වුනත් ඔබට පාවිච්චි කරන්න පුළුවන්.



Ebates Google chrome extension : ඊ බෙට් වෙබ් අඩවියේ තියෙන ක්‍රෝම් extension එකත්දාගන්න. එතකොට ඔබ ebay හෝ ඔවුන් ප්‍රවර්ධන කටයුතු කරන ඕනෙම වෙබ් අඩවියකට ගියහම මේ ක්‍රෝම් extension එකෙන් පොඩි මතක් කිරීමක් කරනවා ඊ බෙට් activate කරගන්න කියලා. ඒක නිසා ක්‍රෝම් extension එකත්දාගන්න අමතක කරන්න එපා. එතකොට හැමතිස්සෙම ebates වෙබ් අඩවිය හරහා යන්න ඕන නෑ කෙලින්ම store එකට යන්න. ඔබට මෙම extension එක ebates වෙබ් අඩවියෙන් හෝ chrome extensions වෙතින් බාගත කරගන්න පුළුවන්.




Ebates Mobile App : Ebates එකේ තියෙනවා මොබයිල් ඇප් එකකුත්. ඔබට මෙම ඇප් එක හරහාත් කෙලින්ම මිලදී ගැනීම් කරන්න පුළුවන් ඉහත සදහන් කල ආකාරයට වෙබ් අඩවියට නිතරම පිවිසෙන්නේ නැතුව.

කොහොමද මේකෙන් තවත්  මුදල් හොයන්නේ ? How can we make extra income from it ? ( කැමති නම් මේකත් කරන්න පුලුවන්  )

1% - 10% ඔබට නැවත ලබාගන්න තියෙන වාසියට අමතරව තවත් ක්‍රමයක් තියෙනවා මේකෙන් මුදල් හොයන්න. ඔයාට ඔයාගේ යාලුවෝ මේකට යොමු කරහම, ඔවුන් $25 වඩා බඩු මුට්ටු හෝ සේවා ලබාගත් පසු ඔබට $15 ~ $25 ( මෙම ගණන ඔවුන්ගේ තිබෙන ප්‍රවර්ධන වැඩසටහන අනුව වෙනස් වෙනවා ) මෙම ආයතනය ලබාදෙනවා වගේම යාලුවටත් ඉබේම $10 ලැබෙනවා. මේ සියලුම මුදල් ඉස්සෙල්ලා වගේම ඔබට චෙක් පතක් ආකාරයට හෝ paypal ගිණුමට ඔවුන් ලබාදෙනවා. හිතන්න ebay වගේ මිලදී ගැනීම් කරන යාලුවෝ 20 විතර මේකට ඔයා යොමු කරා නම් ඔයාට නිකන්ම $15 x 20 = $300 ඉහල අමතර අදායමක් විදියට ලැබෙනවා වගේම ඔවුන්ටත් විශාල ඉතිරියක් කරගන්න අවස්ථාවක් තමයි ලැබෙන්නේ.
ඔයාට කරන්න තියෙන්නේ ebates වෙබ් අඩවියේ ඇති "Refer & Earn $25" හෝ "Refer & Earn $15+" ( මෙය  ඔවුන්ගේ තිබෙන ප්‍රවර්ධන වැඩසටහන අනුව වෙනස් වෙනවා ) වෙත මුලින්ම යන්න.


ඉන්පසු ලැබෙන පිටුවේ "Invite your friends by email" කොටසේ ඔබේ යාළුවොන්ගේ ඊමේල් ලිපිනය සදහන් කිරීම විතරයි. ඒවගේම ඔබට "Share your invite link" හරහාත් share කරන්න පුළුවන්.


දැන් ලැබුණු මුදල් ගන්නේ කොහොමද ? How to get my cashback & earnings ?

ඔවුන් ගෙවීම් සිදුකරනවා paypal හෝ බැංකු චෙක් පතක් මගින්. ඔබ “My Account” > “Account Settings” > “Add Address” වෙත ගොස් ඔබේ නම ( හැදුනුම්පතේ තිබෙන විදියටම සටහන් කරන්න ) වගේම ලිපිනය පැහැදිලිව සටහන් කරන්න.  ඉන්පසු මෙය සනාථ කරන්න කියලා ඔයාගේ ඊමේල් ලිපිනයට අංක 6ක කෙටි පණිවුඩයක් ලැබෙනවා. ඒක එම පිටුවේ සදහන් කරන්න.  
ඉන්පසු ඔබේ ලිපිනයට පහලින් පහත ආකාරයේ කොටුවක් දිස්වේවි. මෙහෙදී ඔබට " Send my big fat check to the name and address specified above " කියන එක තෝරාගන්න පුළුවන් බැංකු චෙක් එකක් ලබාගැනීම සදහා ( ඔබේ නිවසටම මෙම චෙක් පත ලැබෙනවා. ඔබේ බැංකු ගිණුමට මෙය පහසුවෙන් දමාගෙන මුදල් කරගන්න පුළුවන් !  ) නුමුත් ඔබ Paypal ගිණුමට මුදල් ලබාගත හැකි රටක සිටිනවානම් " Send my Big Fat Payment via Paypal "භාවිතා කරන්න පුළුවන් .


මේ තියෙන්නෙ Ebates සයිට් එකෙන් එවපු චෙක් එකක්.